2.මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පසන්නෙන -භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙතී- ඡායාව අනපායිනී

චෛතසික ධම්මයෝ හෙවත් සිතේ ඇති වන ගතීහු සිත පෙරටු කොට ඇත්තාහුය.ඒ ගතීහු සිතම
ශේෂ්ඨ කොට පවතින්නෝය.සිත්න්ම උපදින්නෝය.ඒ නිසා යමෙක්‍ හොද පයන් සිතින් යමක් කියත් නම්,කරත් නම් සිරැර හැර යන සෙවණැල්ල මෙන් ඔහු පසු පස්සේ සැපය ලුහුබදී.

All thoughts begin in the mind; mind is supreme and mind made are they. If one speaks or acts with pure mind happiness follows him like one's shadow that never leaves.

ධම්ම පදය

1.යමක වග්ගය

1. මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන -භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙතී- චක්කංව වහතො පදං

චෛතසික ධම්මයෝ හෙවත් සිතේ ඇති වන ගතීහු සිත පෙරටු කොට ඇත්තාහුය.ඒ ගතීහු සිතම
ශේෂ්ඨ කොට පවතින්නෝය.සිත්න්ම උපදින්නෝය.ඒ නිසා යමෙක් නරක,කිළිටි,සිතින් යමක් කියත් නම්,කරත් නම් ගැල අදින ගොනා‍ගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස දුක ලුහු බදී.

All thoughts begin in the mind; mind is supreme and mind made are they. If one speaks or acts with impure mind pain follows him like the wheel the hoop of the OX.